අවුරුදු 03 යන්න කලින් ජොකොවිච් යළි ඔස්ටේ්‍රලියාවට ???

පිටුවහල් කරනු ලැබූ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ට ලබන වසරේ පැවැත්වෙන ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීමට බොහෝ දුරට හැකියාවක් පවතින බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා.

ඔස්ටේ්‍රලියා නීතියට අනුව පිටුවහල් කරන ලද පුද්ගලයෙකුට වසර 03 ක් ගතවන තුරු නැවතත් පැමිණීමට අවසර හිමිවන්නේ නැහැ.

එහෙත් නිසි ක්‍රමවේදය යටතේ වීසා අයදුම් කරන්නේ නම් වසර 03 කට පෙරදී වුවද වීසා බලපත්‍රයක් ඔහුට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළකරනවා.

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය අද ආරම්භ වූ අතර ජොකොවිච් නොමැතිවීම හමුවේ ස්පාඤ්ඤ ක්‍රීඩක රෆායෙල් නඩාල් පෙරමුණ ගනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

SOURCE : https://www.bbc.com/news/world-australia-60019806

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »