ස්පුට්නික් එන්නත ගත් අයටත් ඔස්ටේ්‍රලියාවට එන්න වරම්

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ද ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර දෙන එන්නතක් ලෙස ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අද දිනයේදී පිළිගෙන තිබෙනවා.

මේ අනුව ස්පුට්නික් එන්නතේ මාත්‍රා 02 ක් ගෙන ඇති ලාංකිකයන් ඇතුලු විශාල පිරිසකට ඔස්ටේ්‍රලියාවට පැමිණීමට හැකිවනු ඇති.

ස්පුට්නික් එන්නත මගින් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සියයට 89 කින්ද රෝහල්ගත කිරීම හෝ මරණ වැළැක්වීම සියයට 98 කින්ද වළක්වන බවට තහවුරුවීමත් සමගයි ඔස්ටේ්‍රලියාව මෙම පිළිගැනීම සිදුකර ඇත්තේ.

මේ අනුව විදෙස් සංචාරකයින් පැමිණීමේදී ලබාගත යුතු කොවිඩ් එන්නත් වර්ග 09 කට ඔස්ටේ්‍රලියාව විසින් අවසර ලබා දී අවසන්.

ෆයිසර් – මොඩර්නා – ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් රට තුළ භාවිතයට අනුමැතිය දී ඇති අතර ඉන්දියාවේ නිෂ්පාදිත කොවැක්සින් – කොවිෂීල්ඩ් මෙන්ම චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් සහ සයිනොවැක් යන එන්නත්වලින් මාත්‍රා 02 ක් ලබා ඇති සංචාරකයින්ට ද ඔස්ටේ්‍රලියාවට පැමිණිය හැකි වනවා.

කෙසේවෙතත් සයිනොෆාම් එන්නත ලබා ඇති වයස අවුරුදු 60 ට අඩු අයට පමණක් ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර හිමිවන අතර ලාංකික දෙමව්පියන් විශාල පිරිසකට මෙරටට පැමිණිමේදි එය දැඩි ගැටලූකාරි තත්වයක්ව පවතිනවා.

https://www.tga.gov.au/media-release/tga-recognises-gamaleya-institute-vaccine-sputnik-v-russian-federation-international-travel-australia

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »