VIDEO : පියාගේ අඩිපාරේ යන දියණිය – ඩිල්ශාන් ගේ දුව ඔස්ටේ්‍රලියාවේදි සුපිරි ක්‍රිකට් දස්කමක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටී.එම්.ඩිල්ෂාන් ආරම්භක පිතිකරුවෙකු සහ ආරම්භක පන්දු යවන්නෙකු ලෙසත් ක්‍රීඩා කළ දක්ෂ ක්‍රීඩකයෙක් වනවා.

ඇගේ දියණිය ලිමන්සා තිලකරත්නත් ආරම්භක පිතිකාරිනියක සහ ආරම්භක පන්දු යවන්නියක ලෙස ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 15න් පහළ Youth Premier League තරගාවලියට සහභාගී වී තිබෙනවා.

එහිදී කඩුලු ත්‍රිත්වයක් (hat-trick) දවා ගනිමින් දස්කම් දක්වා ඇති ඇය, තරගාවලියේ පෑ දස්කම නිසාම වයස අවුරුදු 18 න් පහළ Youth Premier League තරගාවලියට ද තෝරාගෙන තිබීම විශේෂත්වයක්.

Premier League තරගයක් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට ලිමන්සා 2021 දි පත්විය.

පළමු තරගයේ පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ඇය සමත්වීම ද විශේෂත්වයකි.

ලිමන්සා තිලකරත්න මෙරටින් බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන්ගේ ආදරණීය දියණියයි.

මෙරට දක්ෂ රංගන ශිල්පිනියක ලෙස කටයුතු කළ මංජුලා තිලිණි ලිමන්සාගේ ආදරණීය මව වේ.

ලිමන්සා තිලකරත්න කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් දස්කම් දැක්වූ අයුරු සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

 

 

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »