සල්ලි ගරන ඔස්ටේ්‍රලියා ශිෂ්‍ය වීසා IELTS ජාවාරමක්

ඔස්ටේ්‍රලියාවේ ශිෂ්‍ය වීසා ලබා ගැනීම සඳහා IELTS විභාගය සමත්කර දෙන බව පවසා ක්‍රියාත්මක මුදල් ජාවාරමක තොරතුරු හෙළිවී තිබෙනවා.

එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 04 ක පමණ මුදලක් කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි ගුරුවරයෙකු වන මෙම ජාවාරම්කරු විසින් ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ.

භික්ෂුන් වහන්සේ ඇතුලු විශාල පිරිසක් මෙම ජාවාරම්කරුට රැවටී ඇති බවට වාර්තා පළවනවා.

ඔහු පවසා ඇත්තේ මෙමගින් එක් අයෙකුගෙන් රුපියල් පනස් දහසක පමණ කොමිස් මුදලක් තමන්ට ලැබෙන බවයි.

කෙසේවෙතත් විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් චෝදනා කර තිබුණේ තමන්ට නියමිත ළකුණු ප්‍රමාණය පවා නොලැබුණු බවයි.

IELTS යනු ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට යටත්ව පවත්වන විභාගයක් බැවින් මුදල් ලබාදී එය සමත්විය නොහැකි බව නැවතත් අවධාරණය කෙරෙනවා.

CREDIT – TV DERANA

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »