වික්ටෝරියා පාසල් විවෘත කිරීම නියමිත දිනයටම

කිසිදු හේතුවක් මත වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් විවෘත කරන දිනය ප්‍රමාද නොකරන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

දැනට සැළසුම් කර ඇති දිනවලදීම නියමිත ආකාරයෙන් පාසල් විවෘත කරන බවයි ඔහු සඳහන් කලේ.

කෙසේවෙතත් ඇතැම්විට සෞඛ්‍ය උපදෙස් කිහිපයක් නිකුත් කිරීමට සිදුවිය හැකි බවද අගමැතිවරයා කියාසිටියා.

කොවිඩ් ආසාධිතයන් බවට පත්වීම හෝ ආශ්‍රිතයන් බවට පත්වීම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍යවරුන් – හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය ණ්ඩලයේ 6000 ක් පමණ මේ වනවිට හුදකලා කර ඇති බවයි ඩැනියල් ඇන්ඩෲස් අනාවරණය කලේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රමුඛ සේවක කන්ඩායම් වෙනුවෙන් නොමිළයේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල බෙදා දීම අද සිට ආරම්භ වනවා.

https://www.9news.com.au/national/coronavirus-australia-latest-case-numbers-national-as-covid19-infections-not-yet-at-peak/33e8858e-a500-4036-a109-f9074862f373

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »