ජොකොවිච් ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කරයි

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ඊයේ රාත්‍රියේ ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කර තිබෙනවා.

මෙල්බන් සිට ඩුබායි බලා ගමන් ගන්නා ගුවන් යානයකට ඔහු ගොඩවූ බවයි වාර්තා සඳහන් කලේ.

වීසා අයදුම්පත්‍රයට අසත්‍ය තොරතුරු දීමේ චෝදනාව යටතේ තම වීසා බලපත්‍රය අවලංගු කිරීමට එරෙහිව ජොකොවිච් ගොණු කල අභියාචනය ඉවත දැමීමට ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් අධිකරණයක් නියෝග කලා.

ඒ අනුව අධිකරණ නියෝගයට ගරු කරමින් තමන් ඔස්ටේ්‍රලියාවෙන් පිටවන බවයි ජොකොවිච් කියාසිටියේ.

ඒ අනුව අද ආරම්භ වන ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියට ඔහු සහභාගී නොවන අතර රටින් බැහැරවීමෙන් පසු නැවත වසර 03 ක් යනතුරු ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර හිමිවන්නේද නැහැ.

නොවැක් ජොකොවිච්ගේ වීසා බලපත්‍රය පළමුවෙන් ප්‍රතික්ෂේප කෙරුණේ පසුගිය 06 වනදායි.

ඒ එන්නත්කරණයෙන් තොරව රටට පැමිණීම හේතුවෙන්.

කෙසේවෙතත් එම නියෝගය අධිකරණය විසින් පසුව අවලංගු කරනු ලැබුවා.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »