Search

රැපිඩ් කට්ටල නොමිළයේ බෙදන පළමු ප්‍රාන්තය බවට වික්ටෝරියා පත්වෙයි

වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඇණවුම් කරන ලද රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියන 44 න් මිලියන 03 ක් ලැබී තිබෙනවා.

හෙට සිට ඒවා බෙදා හරින බවයි ප්‍රාන්ත රජය නිවේදනය කලේ.

ඉදිරි පෙළ සේවක සේවිකාවන් සඳහා පළමුවෙන් මෙම කට්ටල බෙදා දීමට නියමිතයි.

සෞඛ්‍ය සේවකයන් – හදිසි සේවා සපයන්නන් – ආබාධිත හෝ aged care සේවක සේවිකාවන් මෙම ඝණයට අයත් බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියා.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ විශේෂයෙන් සෞඛ්‍ය සේවා අඩාල නොවී පවත්වාගෙන යාමේ අරමුණ ඇතිවයි මෙලෙස රැපිඩ් කට්ටල නොමිළයේ බෙදා හැරීමට වික්ටෝරියා ප්‍රාන්තය තීරණය කලේ.

එවැනි තීරණයක් ගත් පළමු ප්‍රාන්තය බවටද වික්ටෝරියාව හෙට පත් වනවා.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »