Breaking: ජොකොවිච්ගේ අභියාචනය ප්‍රතික්ෂේපයි – වසර 03 කට ඔස්ටේ්‍රලියාවට එන්නත් බෑ

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ගේ වීසා අයදුම්පත අවලංගු කිරීමට සංක්‍රමණ අමාත්‍යවරයා ගත් තීරණය ෆෙඩරල් අධිකරණයක් විසින් අනුමත කරනු ලැබුවා.

විනිසුරුවරුන් 03 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් ලෙසයි එය ප්‍රකාශයට පත් කෙරුණේ.

මේ අනුව ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල්වීමටත් වසර 03 ක් යනතුරු නැවතත් නොපැමිනිමටත් ඔහුට සිදුවනවා.

වීසා අයදුම්පත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමයි සුපිරි ටෙනිස් ක්‍රීඩකයාට එරෙහි චෝදනාව වන්නේ.

සංක්‍රමණ අමාත්‍යවරයා විසින් තම වීසා බලපත්‍රය අවලංගු කිරීමට එරෙහිව ජොකොවිච් මෙම නඩුව පවරා තිබුණා.

හෙට දිනයේදී ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය ආරම්භ වන අතර ජොකොවිච් මේ වනවිට අවස්ථා 09 කදී එය ජයගෙන තිබෙනවා.

කිසියම් අයුරකින් මෙවර තරගාවලියද ඔහු ජයගත්තේ නම් ටෙනිස් ඉතිහාසයේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයන් වැඩිම ගණනක් එනම් ශූරතාවයන් 21 ක් දිනාගත් ලොව පළමු ක්‍රීඩකයා බවටද ඔහු පත්වීමට නියමිත වුණා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »