ඔස්ටේ්‍රලියාවට එනවානම් ගත යුතු එන්නත් ගැන ඔබ දැනුවත්ද ??

විදෙස් සංචාරකයින් පැමිණීමේදී ලබාගත යුතු කොවිඩ් එන්නත් වර්ග 8 කට ඔස්ට්‍රේලියාව අවසර ලබා දී තිබේ.

ඔස්ට්‍රේලියාවට පැමිණිය හැක්කේ ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දුන් හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නත්වල මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට පමණි.

ඒ අනුව යම් පුද්ගලයකු එම එන්නත් වර්ග 08 න් එකක මාත්‍රා දෙකම ලබා ඇත්නම් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබේ.

ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමැතිය  ලබා දී ඇති කොවිඩ් එන්නත් වර්ග 4 කි.

ඒවා පහත පරිදි වේ.

01. Pfizer

02. AstraZeneca

03. Moderna

04. Johnson and Johnson

ඊට අමතරව ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී සංචාරකයින් විසින් ලබා ඇති තවත් කොවිඩ් එන්නත් වර්ග 4 ක් මේ වන විට ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් පිළිගෙන තිබේ.

ඒවා පහත පරිදි වේ.

01. ඉන්දියාවේ නිෂ්පාදිත Covishield

02. ඉන්දියාවේ නිෂ්පාදිත Covaxin

03. චීනයේ නිෂ්පාදිත Sinovac

04. චීනයේ නිෂ්පාදිත Sinopharm

මින් අනුමැතිය ලද එන්නත් ඔස්ටේ්‍රලියාව තුළදී එන්නත්කරණය සඳහා යොදා ගැනේ.

පිළිගත් එන්නත් වර්ග 04 මෙරටදී භාවිත නොකරන නමුත් කිසියම් අයෙකුට වෙනත් රටකදී එම මාත්‍රා 02 ක් ලබාගැනීමෙන් අනතුරුව ඔස්ටේ්‍රලියාවට පැමිණිය හැකි වනවා.

කෙසේවෙතත් Sinopharm එන්නත ලබා ඇති වයස අවුරුදු 60 ට අඩු අයට පමණක් පැමිණීමට අවසර හිමිවන අතර ලාංකික දෙමව්පියන් විශාල පිරිසකට මෙරටට පැමිණීමේදි එය දැඩි ගැටලුකාරි තත්වයක්ව පවතී.

https://www.tga.gov.au/international-covid-19-vaccines-recognised-australia

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »