
ටොංගා දූපතට බලපෑ සුනාමි තත්වය හමුවේ ඔස්ටේ්‍රලියාවේ නැගෙනහිර වෙරළ තීරයට පැණවූ සුනාමි අනතුරු ඇගවීම් සැළකිය යුතු ප්‍රමාණයක් ඉවත් කර තිබෙනවා.
මේ අනුව නිවු සවුත් වේල්ස් වෙරළ තීරයන් සඳහා පමණක් තවදුරටත් අනතුරු ඇගවීම් බලාත්මකයි.
වික්ටෝරියා – ටස්මේනියා – ක්වීන්ස්ලන්ඩ් සහ දූපත් සඳහා පණවා තිබූ අවධානම් නිවේදන සියල්ල ඉවත් කර තිබෙනවා.

සුනාමි අවධානම් හමුවේ අවධානම් නිවේදන නිකුත් කෙරුණු නැගනහිර වෙරළ තීරයන් වසා දමා ජනතාව ඉවත් කිරීමටයි බළධාරීන් පියවර ගත්තේ.
කෙසේවෙතත් ඉදිරි පැය කිහිපයේදීත් මුහුදු රළෙහි ඉහළයාමක් දක්නට ලැබිය හැකි බැවින් තවදුරටත් විමසිලිමත්ව සිටින ලෙසටද වෙරළාසන්න ජනතාවට දැනුම්දීමක් සිදු කෙරේ.
