සුනාමි අනතුරු ඇගවීම ගැන ඔස්ටේ්‍රලියානු කාළගුණ අංශ තවදුරටත් අවධානයෙන්

නැගෙනහිර වෙරළ තීරයන් සඳහා පණවන ලද සුනාමි අනතුරු ඇගවීම සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන බව ඔස්ටේ්‍රලියානු කාළගුණ අංශ පවසනවා.

ටොංගා රාජ්‍යයට බලපෑ ප්‍රබල සුනාමි අනතුරු ඇගවීමත් සමග ඔස්ටේ්‍රලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රාන්ත කිහිපයක වෙරළාසන්න ප්‍රදේශවලටද සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරුණා.

නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් – වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්ත සඳහා එය බලාත්මක විය.

කෙසේවෙතත් ඊයෙ රාත්‍රිය වනවිට ලද නිල වාර්තා අනුව ඔස්ටේ්‍රලියාවෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් වාර්තා නොවීය.

ෆීජි රාජ්‍ය සහ නවසීලන්තය ඇතුළු පැසිෆික් කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අවදානම් තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරුණා.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »