ජොකොවිච් පිටුවහල් කරයිද ? තීරණාත්මක නඩු විභාගය අද

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ට ඔස්ටේ්‍රලියාව තුළ තවදුරටත් සිටීමට අවසර ලැබෙන්නේද නොමැතිද යන තීරණාත්මක නඩු විභාගය අද පැවැත්වෙනවා.

පෙරවරු 09 යි 30 ට මෙල්බන් නුවර ෆෙඩරල් අධිකරණයක් හමුවේ ඔහු පෙනී සිටීමට නියමිතයි.

මෙහිදී රජයේ නීතීඥයන් සහ ජොකොවිච් ගේ නීතීඥයන් විසින් වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන කරුණු සළකා බලා විනිසුරුවරයා විසින් අවසන් තීන්දුවක් ලබාදෙනු ඇති.

වීසා අයදුම්පත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමයි සුපිරි ටෙනිස් ක්‍රීඩකයාට එරෙහි චෝදනාව වන්නේ.

සංක්‍රමණ අමාත්‍යවරයා විසින් තම වීසා බලපත්‍රය අවලංගු කිරීමට එරෙහිව ජොකොවිච් මෙම නඩුව පවරා තිබෙනවා.

කිසියම් අයුරකින් වීසා අවලංගු කිරීමට එරෙහිව ජොකොවිච් ගේ අභියාචනය ප්‍රතික්ෂේප වුවහොත් ජොකොවිච් වහා ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කෙරෙන අතර වසර 03 ක් යන තුරු නැවතත් ඔස්ටේ්‍රලියාවට පැමිණිමට අවසර හිමිවන්නේද නැහැ.

ලබන සඳුදා ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය ආරම්භ වන අතර ජොකොවිච් මේ වනවිට අවස්ථා 09 කදී එය ජයගෙන තිබෙනවා.

මෙවර තරගාවලියද ඔහු විසින් ජයගතහොත් ටෙනිස් ඉතිහාසයේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයන් වැඩිම ගණනක් එනම් ශූරතාවයන් 21 ක් දිනාගත් ලොව පළමු ක්‍රීඩකයා බවටද ඔහු පත්වනු ඇති.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »