වික්ටෝරියා ප්‍රාන්තය වෙනුවෙන් තවත් රැපිඩ් කට්ටල මිලියන 46 ක්

වික්ටෝරියා ප්‍රාන්තය වෙනුවෙන් තවත් රැපිඩ් කට්ටල මිලියන 46 කට වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

ඉන් මිලියන 44 ක් ප්‍රාන්ත රජය විසින් ඇණවුම් කර ඇති අතර අනෙක් මිලියන 2.5 ෆෙඩරල් රජය විසින් ලබාදීමට නියමිත බවයි ඔහු කියාසටියේ.

ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය සේවකයන් සඳහා හුදකලා නීති ලිහිල් කිරීමත් සමග ඔවුන්ට පණවා ඇති එක් කොන්දේසියක් වන්නේ අඛණ්ඩව දින 05 ක් රැපිඩ් පරීක්ෂණ කල යුතුය යන්නයි.

ඒ අනුව ඉදිරියේදී රැපිඩ් කට්ටල සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

එම ලිහිල් කිරීම් බලාත්මක වන්නේ ලබන අගහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිටයි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »