ලබන 31 දා සිට බටහිර ඔස්ටේ්‍රලියා එන්නත්කරණ නීති දැඩි වෙයි

ලබන 31 වනදා සිට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ එන්නත්කරණ නීති දැඩි කර තිබෙනවා.

ඒ අනුව රෝහල් – අවන්හල් – රාත්‍රී සමාජ ශාලා – cafes, pubs ආදී ප්‍රසිද්ධ ස්ථාන වෙත යාමට නම් එන්නත් මාත්‍රා 02 ක් ලබාගෙන සිටිය යුතු වනවා.

වයස අවුරුදු 16 ට වැඩි සියල්ලන්ට එය අදාළ වන අතර ඔවුන් එන්නත්කරණ සහතිකයද ප්‍රදර්ශනය කල යුතු බවයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් සඳහන් කලේ.

පුද්ගලයන් 500 කට වඩා ඒකරාශීවන සියලු ගෘහස්ථ ඉසව්වලදීද මෙම නීති ක්‍රියාත්මක වනවා.

මේ අතර එන්නත් මාත්‍රා 02 ක් ලබා ඇති පුද්ගලයන් සඳහා බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරීමටද තීරණය වී තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »