බටහිර ඔස්ටේ්‍රලියා එන්නත් සහතික ක්‍රමවේදය අලුත් වෙයි

එන්නත්කරණ සහතිකය සම්බන්ධයෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සකස් කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අවන්හල් – විවිධ ඉසව් – අවස්ථා සහ ගෘහස්ථ කටයුතු සඳහා එන්නත්කරණ සහතිකය භාවිත කල හැකි ආකාරය පිළිබඳ තොරතුරු මීට ඇතුළත් කෙරෙනු ඇති.

ප්‍රාන්ත සීමා ලිහිල් කිරීමට සූදානම් වීමේ එක් පියවරක් ලෙස මෙම වැඩපිළිවෙල හඳුන්වාදෙන බවයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති මාර්ක් මැගෝවන් සඳහන් කලේ.

පුද්ගලයන් 500 කට වඩා ඒකරාශීවන සියලු ඉසව් සඳහා එන්නත්කරණ සහතිකය අනිවාර්ය කිරීම කෙරෙහියි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත බළධාරීන්ගේ අවධානය යොමුවී ඇත්තේ.

මේ අතර එන්නත්කරණ සහතික කටයුතු පහසු කිරිම සඳහා බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විසින් අද දිනයේදී ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් හඳුන්වාදීමටද නියමිතයි.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »