ඩෙස්මන්ඩ් සිල්වා අභාවය වෙනුවෙන් දසතින් සොව පළවෙයි

මෙල්බන් හිදී අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය සහ ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් සිල්වා වෙනුවෙන් විශාල පිරිසක් ශෝකය පළකරමින් සිටිනවා.

දැනට ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකික කලාකරුවන් – විද්වතුන් ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක පිරිස් ඒ අතර වනවා.

ලිබරල් පක්ෂ මන්ත්‍රී ජේසන් වුඩ් පවා ශෝක පණිවිඩයක් තබා තිබීම විශේෂත්වයක්.

බයිලා රජු ලෙස විරුදාවලි ලත් 77 හැවිරිදි වියෙහි පසුවු ඩෙස්මන්ඩ් සිල්වා ඊයේ පස්වරුවේ මෙල්බන් හිදී අභාවප්‍රාප්ත වූයේ හදිසි හෘදයාබාධයකට ගොදුරුවීමෙනුයි.

සිඩ්නි නුවර වාසය කල ඩෙස්මන්ඩ් සිල්වා ප්‍රසංග කිහිපයකට සහභාගීවීම සඳහායි මෙල්බන් නුවර වෙත පැමිණ තිබුණේ.

යමං බණ්ඩො වෙසක් බලන්න – චූඩා මාණිකේ – පොල්කටු හැන්දෙ මිට වගේ ආදී ජනප්‍රිය වේග රිද්ම ගී රැසක් ඔහු විසින් ගායනා කර තිබුණා.

ඔහු 1963 දී Fire Flies නම් කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියා ලෙස සිය ගායන දිවිය ආරම්භ කලේය.

බයිලා ගී කලාවේ කැපී පෙනෙන ගායකයෙකු වුනු ඩෙස්මන් ද සිල්වා මහතා දශක 4කට අධික කාලයක් සංගීත ක්ෂේත්‍රෙයේ නොමැකෙන සටහනක් තැබු ගායකයෙකු ලෙස සැලකේ.

 

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »