වික්ටෝරියා වසංගත අවධානම තවත් මාස 03 කට දීර්ඝ කරයි

MELBOURNE VICTORIA

වික්ටෝරියා ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වසංගත අවධානම් තත්වය තවත් මාස 03 කට දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් 12 වනදා මධ්‍යම රාත්‍රිය තෙක් එය බලාත්මක වනු ඇති.

සති කිහිපයකට පෙර වික්ටෝරියා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද වසංගත පාලන පණත යටතේ පණවන ලද වසංගත තත්වය ලබන බදාදා රාත්‍රී 12 ට අවසන්වීමටයි නියමිත වූයේ.

එහෙත් දැනට ප්‍රාන්තය පුරා පැතිර ඇති ඔමික්‍රොන් ප්‍රභේදයේ අවධානමත් සමග තවත් මාස 03 කට එම තත්වය දීර්ඝ කිරීමට තීරණය කල බව වික්ටෝරියා සෞඛ්‍ය ඇමති මාර්ටින් ෆොලී සඳහන් කලා.

මේ අතර හෙට සිට අවුරුදු 05 – 11 අතර ළමුන් එන්නත්කරණය ආරම්භ කිරීමත් සමග එන්නත්කරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කිරීමටද වික්ටෝරියා ප්‍රාන්ත රජය සැලසුම් කර තිබෙනවා.

https://www.abc.net.au/news/2022-01-09/victoria-covid-cases-hopitalisation-death-pcr-rat-testing/100746174

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »