දින 07 කට වඩා පැරණි PCR සාම්පල පරීක්ෂා නොකිරීමට වික්ටෝරියා සෞඛ්‍ය අංශ තීරණය කරයි

මෙතෙක් පරීක්ෂා කර නොමැති දින 07 කට වඩා පැරණි පී සී ආර් සාම්පල පරීක්ෂා නොකිරීමට වික්ටෝරියා සෞඛ්‍ය තීරණය කර තිබෙනවා.

7000 කට ආසන්න පිරිසකගේ සාම්පල එලෙස පරීක්ෂා නොකෙරෙන බවයි වික්ටෝරියා සෞඛ්‍ය අණ දෙන නිළධාරී Jeroen Weimar සඳහන් කලේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ වාර්තාවූ කොවිඩ් ආසාධිතයන් අතුරින් සියයට 80 කටම වැළඳී ඇත්තේ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය බව අනාවරණ වී තිබෙනවා.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 44,155 ක් හමුව ඇත.

මරණ 4 ක් ද වාර්තා විය​.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 146,863 කි.

ඊයේ දිනයේදී (08) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 83,993 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 15,739 ක් ලබා දී තිබේ.

https://www.9news.com.au/national/coronavirus-victoria-update-latest-numbers-deaths-hospitalisations-vaccines/e9d65f0b-9686-447d-9ac1-b657cc1faf12

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »