ක්වීන්ස්ලන්ඩ් සියලු පාසල් විවෘත කිරීම සති 02 කින් කල් දමයි

නව වසරේ පළමු වාරය වෙනුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සියලු පාසල් විවෘත කිරීම සති 02 කින් කල් දමා තිබෙනවා.

ඒ අනුව ජනවාරි 24 වනදා ආරම්භ කිරීමට තිබූ පාසල් නැවත විවෘත කෙරෙනුයේ පෙබරවාරි 07 වනදා බවයි ප්‍රාන්ත අගමැතිනිය නිකුත් කල ට්විටර් සටහනක දැක්වුනේ.

https://twitter.com/AnnastaciaMP/status/1479989891140227075?s=20

පවතින ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ අවධානම හමුවේයි මෙම තීරණය ගෙන ඇත්තේ.

කෙසේවෙතත් 11 – 12 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු දුරස්ථ අධ්‍යාපන ක්‍රම යටතේ ජනවාරි 31 වනදා සිට ආරම්භ වනු ඇති.

ඊයේ දිනයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 18,000 ක් වාර්තා වුණා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »