ආශ්‍රිතයන් වූ සුපිරි වෙළඳසැල් සේවකයින්ට යළි සේවයට පැමිණීමට NSW රජයෙන් අවසර

කොවිඩ් ආශ්‍රිතයන් බවට පත්වී ඇති එහෙත් රෝග ලක්ෂණ නොමැති අත්‍යවශ්‍ය සේවකයන්ට නැවතත් සේවයට වාර්තා කිරීම සඳහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් අවසර දී තිබෙනවා.

සුපිරි වෙළඳ සැල් සහ නිෂ්පාදන ක්ෂේත්‍රවලට අදාළ සේවකයන්ට එය බලාත්මක වනු ඇති.

  • Agriculture (biosecurity and food safety personnel undertaking critical duties)
  • Manufacturing (production and manufacturing of food, beverages, groceries, cleaning and sanitary products)
  • Transport, postal and warehousing (food logistics, delivery and grocery fulfilment)

සුපිරි වෙළඳසැල් රැසක මතුව ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගය මගහරවාලීම මෙහි ප්‍රධාන අරමුණක් වනවා.

ආශ්‍රිතයන් බවට පත්වූ සේවකයන් සේවයට වාර්තා නොකිරීම හමුවේ ආහාර නිෂ්පාදන කටයුතු අඩාලවී ඇති බවටයි වාර්තා පළවන්නේ.

ඇතැම් සුපිරි වෙළඳසැල් වල රාක්ක හිස් වී ඇති ආකාරයක් මෙන්ම මිළදී ගැනීමේ සීමා පණවා ඇති ආකාරයක්ද දක්නට ලැබෙනවා.

https://www.9news.com.au/national/nsw-supermarket-supply-issue-food-workers-covid-19-isolation-exemption/6f1821c5-3e9a-4210-91b2-78769aad16b4

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »