Search

ඔස්ටේ්‍රලියාව තුළ සක්‍රීය කොවිඩ් ආසාධිතයන් ලක්ෂ 10 ඉක්මවනු ඇති බවට අනතුරු ඇගවීමක්

covid

තවත් දින කිහිපයකින් ඔස්ටේ්‍රලියාව තුළ සක්‍රීය කොවිඩ් ආසාධිතයන් ගණන ලක්ෂ 10 ඉක්මවා යනු ඇති බවට විද්‍යාඥයන් අනතුරු අගවනවා.

දිනෙන් දින ඉහළ යන ආසාධිතයන් සංඛ්‍යා විමසා බැලීමේදී එවැනි තත්වයක් අපේක්ෂා කල හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ආසාධිතයන් පමණක් නොව රෝහල්ගත වන සහ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබාගන්නා පුද්ගලයන් සංඛ්‍යාවද ඉහළ යාම අවධානම් තත්වයක් බව සෞඛ්‍ය අංශවල ස්ථාවරයයි.

ඊයේ දිනයේදී ඔස්ටේ්‍රලියාවෙන් පළමු වරට කොවිඩ් ආසාධිතයන් ලක්ෂය ඉක්මවා වාර්තා වූ අතර මරණ 25 ක්ද සටහන්වුණා.

ඊයේ දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාධිතයන් 51,356 ක් ද නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ආසාධිතයන් 45,098 ක් ද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ආසාධිතයන් 11,174 ක් ද සටහන්වුණා.

දකුණු ඔස්ටේ්‍රලියාවෙන් 4,274 ක් – ටස්මේනියාවෙන් 2,223 ක් – ACT ප්‍රාන්තයෙන් 1,305 ක් – Northern Territory ප්‍රාන්තයෙන් ආසාධිතයන් 594 ක් ද ඊයේ රෝගීන් අතර වනවා.

https://7news.com.au/lifestyle/health-wellbeing/analysts-predict-one-million-aussies-will-be-living-with-a-covid-19-diagnosis-within-days-c-5231402

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »