ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 84 වන වියෙහියි පසුවූයේ.

1965 වසරේදී චණ්ඩියා චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ඔහු ක්‍රියාදාම චිත්‍රපට රැසකට රංගනයෙන් දායකවී තිබුණා.

සිකුරුළියා – හාර ලක්ෂය – අපේක්ෂා – සප්ත කන්‍යා ආදී චිත්‍රපට රැසක චරිත නිරූපණය කල රොබින් ප්‍රනාන්දු අවසන් වරට රංගනයෙන් දායක වී තිබුණේ 2018 වසරේදී ආදරෙයි මං චිත්‍රපටය සඳහායි.

ඔහු ටෙලිනාට්‍ය ගණනාවකටද සිය දායකත්වය සපයා තිබුණා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »