VIDEO : වික්ටෝරියා සෞඛ්‍ය මාධ්‍ය හමුවට ලාංකික වෛද්‍යවරයෙකුත්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද පැවැත්වූ දෛනික සෞඛ්‍ය මාධ්‍ය හමුවට මෙල්බන් නුවර පදිංචි වී සිටින ශ්‍රී ලාංකික වෛද්‍ය හර්ෂ අලුත්ගේ ද සහභාගී වුණා.

ශ්‍රී ලාංකිකයෙකුට ලද මෙම අවස්ථාව සුවිශේෂී කරුණක් ලෙස හැඳින්විය හැකියි.

වෛද්‍ය අලුත්ගේ මෙහිදී අවධාරණය කලේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් තත්වය පාලනයට නම් අනිවාර්යයෙන් එන්නත්කරණය ඉහළ නැංවිය යුතු බවයි.

එබැවින් හැකි ඉක්මණින් සුදුසුකම් ලත් පුද්ගලයන් බූස්ටර් මාත්‍රාව ලබාගැනීමේ අවශ්‍යතාවයද ඔහු අවධාරණය කලා.

වෛද්‍ය හර්ෂ අලුත්ගේ සහභාගී වූ සමස්ත මාධ්‍ය හමුව පහතින් :

https://www.facebook.com/7NEWSMelbourne/videos/477995380519064/?__cft__[0]=AZWChF15ToEdzTJxFZMdPafiia_7UaY8xgHOYRKzvK9OTDWIELYNKv95Q0SqX5q9Q4iRipq27OfjwwrwSZ0tcVP2ZG9CDIfKOY_WtWHlgGLy3XXP2iVP9ojFhV3F4S0-6ueNjT7yW5px2vMrAWN4WYrrr51a4AwkREXW8nZOwEJuEA&__tn__=%2CO%2CP-R

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »