Search

වික්ටෝරියා කොවිඩ් නීති ගැන අලුත්ම පුවත මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළගියද රෙගුලාසි දැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ප්‍රාන්ත සෞඛ්‍ය ඇමති මාර්ටින් ෆොලී පවසනවා.

ආසාධිතයන් ගණන ඉහළයාමට හේතුව ප්‍රාන්ත රජය විසින් හඳුන්වාදුන් ආසාධිතයන් පිළිබඳ දැනුම්දීමේ ක්‍රමවේදය බවයි මෙල්බන් නුවර පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කලේ.

නිවසේදී සිදුකරන රැපිඩ් පරීක්ෂණ ප්‍රථිඵල සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සෘජුව දැනුවත් කරන වෙබ් අඩවියක් ඊයේ දිනයේදී හඳුන්වාදෙනු ලැබුවා.

https://dhvicgovau.powerappsportals.com/rapid-antigen-test/වෙත පිවිසීමෙන් අදාළ තොරතුරු ඉදිරිපත් කල හැකියි.

ඊයේ දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 51,356 දෙනෙකු හඳුනාගත් අතර සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී පැවසුවේ මෙය ප්‍රාන්ත රජය අපේක්ෂාවෙන් සිටි තත්වයක් බවයි.

වාර්තා නොවන ආසාධිතයන් සංඛ්‍යා පවා මේ අනුව ප්‍රාන්ත රජයට ලැබෙමින් පැවතීම ඊට හේතුව බවයි ඔහු කියාසිටියේ.

https://www.9news.com.au/national/coronavirus-update-victoria-covid19-new-cases-omicron-surge-restrictions-rapid-test-registration/00ac3144-3b57-4b96-9486-a78c7dfb288d

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »