Search

ACT ප්‍රාන්තය තුළද අද දහවල් 12 සිට නැවතත් රෙගුලාසි

කොවිඩ් වෛරසය පාලනය කිරීම සඳහා ACT ප්‍රාන්තය තුළද නැවතත් රෙගුලාසි බලාත්මක කර තිබෙනවා.

ඒ අනුව අද දහවල් 12 සිට අවන්හල් – මත්පැන් හල් සහ රාත්‍රී සමාජ ශාලා ඇතුලු ස්ථානවල ආහාර පාන ගැනීමේදී අසුන්ගෙන සිටීම අනිවාර්ය වනවා.

එම ස්ථානවල නර්තනයේ යෙදීමද තහනම් වනු ඇති.

මුහුණු ආවරණ නීති – උපරිම සහභාගීත්ව සීමා වැනි දැනට බලාත්මක රෙගුලාසි අඛණ්ඩව ක්‍රියාත්මක බව ACT ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඇන්ඩෲ බාර් සඳහන් කලා.

කොවිඩ් ආශ්‍රිතයන් බවට පත්වීමත් සමග ACT ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයන් 230 කට වැඩි පිරිසක් හුදකලා කිරීම හමුවේයි ප්‍රාන්ත රජය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

https://www.9news.com.au/national/coronavirus-update-australian-capital-territory-return-of-restrictions-dancing-banned/4f6dc1c4-302d-41cd-b6fe-1d59bb7b9d52