රැපිඩ් පරීක්ෂණයේදී කොවිඩ් බව හෙළිවුවහොත් ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැනුවත්කල යුතු බවට රෙගුලාසි

RAPID ANTIGEN

නිවසේදී සිදුකරන රැපිඩ් ඇන්ටිජන් ප්‍රථිඵල සම්බන්ධයෙන් එක් එක් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.

රැපිඩ් පරීක්ෂණයේදී ආසාධිත බවට තහවුරු වුවහොත් ඔහු හෝ ඇය කොවිඩ් ආසාධිත බවට ප්‍රකාශයට පත් කෙරෙන අතර මින් ඉදිරියට පී සී ආර් පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වන්නේ නැහැ.

ඊයේ ජාතික කැබිනට් මණ්ඩලය විසින් හඳුන්වා දුන් වෙනස්කම් යටතේ එම රෙගුලාසිය ක්‍රියාත්මකයි.

ඒ අනුව දින 07 ක් හුදකලාව සිටිය යුතු අතර වහාම තමන් අදාල ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැනුවත් කල යුතු වනවා.

එම ක්‍රමවේදය ඉතා කඩිනමින් සකස් කර අවසන් කරන බවයි ඔස්ටේ්‍රලියා ෆෙඩරල් රජය නිවේදනය කරන්නේ.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »