
ඔස්ටේ්‍රලියානු නීතිය සියල්ලන්ට එක හා සමාන බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අවධාරණය කරනවා.
කිසිවෙකුට සුවිශේෂී සැළකීමක් ලබාදීමට පියවර නොගන්නා බවයි අගමැතිවරයා සඳහන් කලේ.
ඔහු මේ බව පැවසුවේ සර්බියා ජාතික ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ඔස්ටේ්‍රලියානු ආගමන අංශ ගත් තීරණය පිළිබඳ කරුණු පැහැදිලි කරමින්.

ඔසේටේ්‍රලියාවට පැමිණීමට නම් පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටීම හෝ ඉන් බැහැරවීම සඳහා වන වෛද්‍ය නිර්දේශයක් තිබිය යුතුයි.
එහෙත් නොවැක් ජොකොවික් එන්නත්කරණය ප්‍රතික්ෂේප කර තිබීමත් ඔහුට ඉන් මිදී සිටීමට අවශ්‍ය වෛද්‍ය නිර්දේශයක් නොතිබීමත් මත ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමටයි ඔස්ටේ්‍රලියානු බළධාරීන් අද කටයුතු කලේ.
