
ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ බලපෑමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාරික ස්ථාන රැසක් වසා දැමීමට හෝ සේවා කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
අවන්හල් – සුරා සැල් – සිල්ලර වෙළඳසැල් වැනි ස්ථාන ගණනාවක් ඊට අයත්.
විශේෂයෙන් වෙරළාසන්නව සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන ගණනාවක් කොවිඩ් අවධානම් ස්ථාන අතරට නම් කර තිබෙනවා.

වසරේ කාර්යබහුලම කාලසීමාවේ මෙලෙස ව්‍යාපාර වසා දැමීමට සිදුවීම වික්ටෝරියා ආර්ථිකයට දැඩි බලපෑමක් බවයි ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ.
වික්ටෝරියා හි සුපිරි වෙළඳසැල් ගණනාවක්ද මේ වනවිට සපයන සේවා අඩු කර ඇත්තේ සේවකයන් සැළකිය යුතු පිරිසක් නිරෝධායනයවීම හේතුවෙනුයි.
