ඔස්ටේ්‍රලියාවේ මිලියන ගණනකට රැපිඩ් කට්ටල නොමිලේ – අලෙවියේදී නව නීති – පරීක්ෂණ ක්‍රමවේදයටත් සංශෝධන

මිලියන ගණනක් වන ඔස්ටේ්‍රලියානුවන්ට රැපිඩ් ඇන්ටිජන් කට්ටල නොමිළයේ ලබාදීමට ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අගමැති ස්කොට් මොරිසන් පැවසුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් – විශ්‍රාමිකයන් – අඩු ආදායම් ලබන්නන් සහ විවිධ සහනාධාර ලබන ජනතාව ඒ සඳහා සුදුසුකම් ලබන බවයි.

මාස 03 කදී නොමිළයේ කට්ටල 10 ක් බැගින් ඔවුන්ට හිමිවනු ඇති.

මේ අතර රැපිඩ් පරීක්ෂණයකදී කොවිඩ් වැළඳී ඇතැයි හෙළිවීමෙන් පසු පී සී ආර් පරීක්ෂණයකතට මුහුණදිය යුතු බවට වන නියමයද ඉවත් කර තිබෙනවා.

එමගින් පරීක්ෂණ ප්‍රමාදය වළක්වාගැනීමට නියමිතයි.

ට්‍රක් රථ රියදුරන් සඳහා දින 07 ක කාලයේදී සිදුකල යුතුවූ පරීක්ෂණය ඉවත් කර තිබේ.

රටට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා සිදුකල යුතුවූ 02 වන පරීක්ෂණයද ඉවත් කිරීමටයි ජාතිකල කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.

රැපිඩ් කට්ටල අලෙවියේදී අධික ලෙස මිළ වැඩිකරන පුද්ගලයන්ට ඩොලර් 66,000 ක දඩයක් සහ වසර 05 ක සිර දඩුවමක් පැණවෙන බවද අගමැති මොරිසන් සඳහන් කලා.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »