Ambulance Victoria විසින් Greater Melbourne හට Code Red තත්වයක් ප්‍රකාශයට පත්කරයි

ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට අද අලුයම 03 දක්වා කාලය තුළ මෙල්බන් නාගරික කලාපය තුළ විශාල ඉල්ලුමක් අතිවීම හමුවේ Greater Melbourne හට Code Red තත්වයක් ප්‍රකාශයට පත්කිරීමට Ambulance Victoria සිදුවී තිබේ.

මින් බහුතරය අසාධ්‍ය කොවිඩ් රෝගීන් රෝහල් වෙත ගෙනයාම සඳහා වන ඉල්ලීම් වූ බවද සඳහන්.

අදාළ කාල සීමාව තුළ කිසියම් ප්‍රමාදයක් සහිතව වුවද සියලු ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීමට පියවර ගත් බව Ambulance Victoria නිකුත් කල නිවේදනයක සඳහන්.

එමගින් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ හදිසි නොවන ප්‍රතිකාර සඳහා හැකි සෑම අවස්ථාවකදීම වෙත GP හෝ 1300 60 60 24 හරහා Nurse On Call අමතන ලෙසයි.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 17,636 ක් හමුව ඇත.

මරණ 11 ක් ද වාර්තා විය​.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 51,317 කි.

ඊයේ දිනයේදී (04) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 59,682 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 18,853 ක් ලබා දී තිබේ.

https://www.7news.com.au/lifestyle/health-wellbeing/what-prompted-melbournes-code-red-ambulance-delays-on-wednesday-morning-c-5191729

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »