රටේම නිවාස මිළ ඉහළ යද්දි මෙල්බන් මිළ ගණන් පහළට

2021 වසරේ මාස 12 දී ඔස්ටේ්‍රලියාව තුළ නිවාස මිළ ගණන් ඉහළයාමේ අගය සියයට 22 ක් බව නවතම සංඛ්‍යාලේඛණ වාර්තා හෙළි කරනවා.

ගිය වසරේදී ඉහළම නිවාස මිළ ගණන් සටහන් වී ඇත්තේ මාර්තු මාසයේදී වන අතර එම වැඩිවීම පෙර මාසයට සාපේක්ෂව සියයට 2.8 ක ඉහළ යාමක්.

දෙසැම්බර් මාසයේදී සියලුම ප්‍රාන්තවල අගනුවරවල් අතුරින් නිවාස මිල ගණන් පහළ ගොස් ඇත්තේ මෙල්බන් නගරයේ පමණයි.

එමෙන්ම 2020 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු මෙල්බන් නගරයේ නිවාස මිළ ගණන් පහළ ගිය පළමු අවස්ථාවද මෙයවීම විශේෂත්වයක්.

පසුගිය මාසයේදී ඉහළම නිවාස මිල ගණන් වාර්තා කර ඇත්තේ බ්‍රිස්බන් නගරයයි.

2021 සමස්ත වසරම සැළකීමේදී වැඩිම ප්‍රතිශතයකින් දේපළ මිළ වැඩිවී ඇත්තේ හෝබාර්ට් නගරයේ බව සංඛ්‍යාලේඛණ වාර්තා පවසනවා.

Corelogic change in dwelling values

(month, annual)
National – up 1.0 per cent, up 22.1 per cent
Sydney – up 0.3 per cent, up 25.3 per cent
Melbourne – down 0.1 per cent, up 15.1 per cent
Brisbane – up 2.9 per cent, up 27.4 per cent
Adelaide – up 2.6 per cent, up 23.2 per cent
Perth – up 0.4 per cent, up 13.1 per cent
Hobart – up 1.0 per cent, up 28.1 per cent
Darwin – up 0.6 per cent, up 14.7 per cent
Canberra – up 0.9 per cent, up 24.9 per cent
Combined capitals – up 0.6 per cent, up 21.0 per cent
Combined regional – up 2.2 per cent, up 25.9 per cent

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »