නිවු සවුත් වේල්ස් Skilled Visa යටතේ 491 වීසා සඳහා ROI භාරගැනීම ඇරඹෙයි

491 වීසා යටතේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය පුහුණු ශ්‍රමික වැඩසටහන යටතේ ජනවාරි මාසයට අදාළ ROI භාරගැනීම ආරම්භ කර තිබෙනවා.

සුදුසුකම් සහිත සිසුන්ට සහ නිපුණතා ශ්‍රමිකයන්ට ජනවාරි 31 වනදා දක්වා කාලය තුළ සිය අභිලාෂයන් ලියාපදිංචි කල හැකි වනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා 491 වීසා වෙනුවෙන් නැවත වරක් ROI භාර ගැනීම සිදුකරන්නේ මාර්තු මාසයේදීයි.

මෙම වීසා බලපත්‍රය යටතේ පුහුණු සංක්‍රමණිකයන්ට නිවු සවුත් වේල්ස් ප්‍රාදේශීය කලාපවල වාසය කිරීමටත් – රැකියා හෝ අධ්‍යාපන කටයුතු හැදෑරීමටත් වසර 05 ක් දක්වා වන වීසා බලපත්‍රයක් හිමිවනවා.

එම කාලයේදී ලබාගන්නා සුදුසුකම් මත පදනම්ව අනතුරුව ස්ථිර පදිංචියට අයදුම් කිරීමේ අවස්ථාවද උදාවනු ඇති.

මේ සම්බන්ධ සියලු විස්තර හා අයදුම්කිරීම පිළිබඳ තොරතුරු නිවු සවුත් වේල්ස් ආගමන දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

https://www.nsw.gov.au/topics/visas-and-migration/skilled-visas/register-your-interest-for-nsw-nomination

SOURCE :

January registration for Australia’s 491 visa is now open

 

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »