
කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 04 ක් ගතව ඇති ඔස්ටේ්‍රලියානුවන්ට අද සිට බූස්ටර් මාත්‍රාව ලබාගත හැකි වනවා.
මේ අනුව පසුගිය සැප්තැම්බර් මාසයට පෙර කොවිඩ් මර්දන 02 වන මාත්‍රාව ගත් ඕනෑම අයෙකු අද සිට බූස්ටර් මාත්‍රාව සඳහා සුදුසුකම් ලබනවා.
මාත්‍රා 02 අතර පරතරය මෙතෙක් මාස 05 ක් ලෙස පැවති අතර එය ජනවාරි 31 වනදා සිට මාස 03 ක් දක්වා අඩු කිරීමටද නියමිතයි.

මිලියන 7.5 ක් පමණ වන ඔස්ටේ්‍රලියානුවන් පිරිසක් මේ අනුව අද සිට බූස්ටර් මාත්‍රාව ගැනීම සඳහා සුදුසුකම් ලබනු ඇති.
සියල්ලන්ට අවශ්‍ය පරිදි මාත්‍රා රට තුළ ඇති බැවින් ඒ පිළිබඳ බියක් ඇති කර නොගන්නැයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් දන්වා සිටිනවා.

වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා බූස්ටර් මාත්‍රාව සඳහා සුදුසුකම් ලබනවා.