රැපිඩ් කට්ටල ගත හැකි ළගම තැන පෙන්වන වෙබ් අඩවියක් මෙල්බන් මෘදුකාංග ශිල්පියෙකුගෙන්

රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිළයට ගත හැකි ළගම ස්ථානය පෙන්නුම් කරන වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට මෙල්බන් නුවර පදිංචි මෘදුකාංග නිර්මාණ ශිල්පියෙකු සමත්ව සිටිනවා.

Find a RAT ලෙස නම් කර ඇති මෙම වෙබ් අඩවියට පිවිස ප්‍රදේශය හෝ postal code එක ඇතුළත් කිරීමෙන් රැපිඩ් කට්ටල මිළයට ගත හැකි ස්ථාන සහ කොපමණ අලෙවියට ඇතිද යනාදී සියලු විස්තර ලබා ගත හැකියි.

රැපිඩ් කට්ටල මිළදී ගැනීමේදී සිය සහකාරිය මුහුණ දුන් ගැටලු දැකීමෙන් පසු මෙවැනි වෙබ් අඩවියක් නිර්මාණයට අවධානය යොමුකල බව Matt Hayward නම් මෙම මෘදුකාංග නිර්මාණකරු පවසනවා.

පැය කිහිපයක් ඇතුළත එය සකස් කර අවසන් කිරීමට හැකිවීමද විශේෂත්වයක්.

එමෙන්ම තමන් දන්නා ස්ථානවල රැපිඩ් කට්ටල අලෙවියට ඇතිද තොග අවසන් වී ඇතිද යන්න පරිශීලකයන්ටම වෙබ් අඩවිය හරහා යාවත්කාලීන කිරීමට ද පහසුකම් සළසා තිබෙනවා.

මෙම වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැර පැය කිහිපයකින් ඉහළ ජන ප්‍රසාදයක් හිමි කරගෙන තිබෙනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »