2020 දී වික්ටෝරියාවේ දින 365 ක ආසාධිතයන් ගණන මෙම වසරේ දින 03 කදී වාර්තාවෙයි

2020 සමස්ත වසර පුරා වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාවට වැඩි කොවිඩ් ආසාධිතයන් ගණනක් මෙම වසරේ මුල් දින 03 තුළදී පමණක් සටහන් වී තිබෙනවා.

ඒ කොවිඩ් ආසාධිතයන් 23,191 ක් ලෙසයි.

ගතවූ පැය 24 තුළදී ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 06 කින් වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 37,152 ක්.

ඉන් 20,794 ක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වූ අතර 8577 ක් වික්ටෝරියා ප්‍රාන්තයෙනුයි.

ක්වීන්ස්ලන්ඩ් ආසාධිතයන් 4249 ක් / දකුණු ඔස්ටේ්‍රලියාවෙන් 2552 ක් / ACT ප්‍රාන්තයෙන් 514 ක් සහ ටස්මේනියාවෙන් 466 ක් ලෙස ඊයේ වාර්තා වුණා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »