වික්ටෝරියා ප්‍රාන්තවාසීන් තවත් මිලියනයක් හෙට බූස්ටර් සඳහා සුදුසුකම් ලබයි

වික්ටෝරියා ප්‍රාන්තවාසීන් තවත් මිලියනයකට අධික පිරිසක් හෙටින් පසු බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සඳහා සුදුසුකම් ලබාගන්නවා.

ඒ දෙවන සහ 03 වන මාත්‍රා අතර පරතරය හෙට සිට මාස 05 දක්වා දක්වා අඩු කිරීමට ඔස්ටේ්‍රලියා සෞඛ්‍ය අංශ විසින් පසුගියදා දුන් අනුමැතියත් සමගයි.

මේ අනුව පසුගිය සැප්තැම්බර් මාසයට පෙර කොවිඩ් මර්දන 02 වන මාත්‍රාව ගත් ඕනෑම අයෙකු හෙට සිට බූස්ටර් මාත්‍රාව සඳහා සුදුසුකම් ලබන බව වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී සඳහන් කලා.

ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් ගණන සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග හැකි ඉක්මණින් බූස්ටර් මාත්‍රාව වෙත යොමුවන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම ලබන 05 වනදා සිට ප්‍රාන්තය තුළ තවත් අමතර එන්නත්කරණ මධ්‍යස්ථාන 28 ක් ක්‍රියාත්මක බවද වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කලා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »