රැපිඩ් කට්ටල නොමිළයේ දිය නොහැකියි – අගමැති

රැපිඩ් ඇන්ටිජන් කට්ටල නොමිළයේ ලබාදීම මෙම අවස්ථාවේදී සිදුකල නොහැකි බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

එමගින් ඒවා නිෂ්පාදන සමාගම් කඩා වැටිය හැකි බවයි ඔහු කියාසිටියේ.

ෆෙඩරල් රජය සහ ප්‍රාන්ත රජයන් විසින් මේ වනවිට තවත් රැපිඩ් කට්ටල මිලියන 84 ක් ඇණවුම් කර අවසන් බවද අගමැතිවරයා සඳහන් කලා.

මේ අතර ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හමුවේ ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ඉහළ යාම අපේක්ෂා කල තත්වයක් බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

ෆෙඩරල් රජය මෙන්ම ප්‍රාන්ත රජයන් පවා ඊට සූදානම්ව සිටි බවයි අගමැතිවරයා සඳහන් කලේ.

කොවිඩ් ආසාධිතයන් ගණන මෙන්ම රෝහල්ගතවන සංඛ්‍යාව දිනෙන් දින ඉහළයාම පිළිබඳ අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කලේ.

කිසිදු තත්වයක් මත ඔස්ටේ්‍රලියාව තුළ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමකට ඉඩ නොතබන බවටද අගමැති ස්කොට් මොරිසන් සහතික වුණා.

හැකි තාක් එන්නත්කරණයට යොමුවන ලෙසටයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »