ඔස්ටේ්‍රලියාවට වසරකට පුහුණු ශ්‍රමිකයන් 350,000 ක් ගෙන්වා ගන්නැයි ඉල්ලීමක්

ඔස්ටේ්‍රලියාවට තවත් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගන්නැයි ජාත්‍යන්තර විගණන ආයතනයක් වන KPMG විසින් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අවම වශයෙන් වසරකට 350,000 ක් හෝ එලෙස ගෙන්වා ගත යුතු බවයි ඔවුන් යෝජනා කරන්නේ.

ආර්ථිකය නැවත නගා සිටුවීමටත් කම්කරු වෙළඳපොල බිඳ නොවැටී පවත්වාගෙන යාමටත් එය ඉවහල් වන බව KPMG ආයතනයේ ස්ථාවරයයි.

පුහුණු ශ්‍රමිකයන් 350,000 ක් පමණ වාර්ෂිකව ගෙන්වා ගැනීමෙන් ඩොලර් බිලියන 100 ක පමණ ආදායමක් උපයා ගත හැකි බවත් එමගින් දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.4 කින් පමණ ඉහළ යනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

දැනට ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණයෙන් සංක්‍රමණිකයන් සංඛ්‍යාව දැක්වෙන්නේ සියයට 10 ක් වන ලෙස නමුත් එය තවත් ඉහළ දමා ගත යුතු බවද KPMG ප්‍රකාශ කරනවා.

https://www.dailymail.co.uk/news/article-10362277/Australia-urged-let-migrants-120billion-economic-boost.html

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »