2022-23 ඔස්ටේ්‍රලියාවට එන සංක්‍රමණිකයන් දෙගුණයකින් ඉහළ යනු ඇතැයි අනාවැකි

ලබන ජූලි 01 වනදායින් ආරම්භ වන 2022-23 කාලසීමාවේදී ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණිකයන් 180,000 ක් පමණ පැමිණෙනු ඇති බවට අනාවැකි පළවනවා.

එය අපේක්ෂා කල මට්ටමට වඩා දෙගුණයක පමණ වැඩිවීමක් බවයි සංක්‍රමණ දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛණ පෙන්වා දෙන්නේ.

ලබන ජූනි 30 වනදායින් අවසන් වන 2021-22 කාලසීමාවේදී සංක්‍රමණිකයන් 41,000 ක් පමණ ඔස්ටේ්‍රලියාවට පැමිණෙනු ඇති බවද සඳහන්.

ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණ වර්ෂය ලෙස සැළකෙන්නේ සෑම වසරකම ජූලි 01 වනදා සිට ඊළග වසරේ ජූනි 30 වනදා දක්වා කාලයයි.

2021-22 කාලසීමාවට අදාළව වෙන් කර තිබූ සංක්‍රමණ කෝටාව 160,000 ක්.

කෙසේවෙතත් සැළසුම් කල දින වකවානු අනුව දේශ සීමා විවෘත කිරීමට නොහැකි වීමත් සමග සංක්‍රමණිකයන් සංඛ්‍යාව අඩු අගයක් ගෙන තිබෙනවා.

https://bit.ly/3HwIMTV

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »