Search

මෙම වසරේදී පුද්ගලයන් 411,000 කට කැනඩාවේ PR දෙන්න සැලසුම්

2021 වසරේදී කැනඩාව හඳුන්වාදුන් තාවකාලික පදිංචි වීසා (TR – temporary resident) මගින් ස්ථිර පදිංචිය (PR – permanent resident) ලබාගැනීම නව ක්‍රමවේදය හරහා 11,425 දෙනෙකු එරට ස්ථිර පදිංචිය ලබාගෙන තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් වනවිට එම සංඛ්‍යාව සටහන් වී ඇති අතර නව ක්‍රමය යටතේ ස්ථිර පදිංචිය ලබාගැනීමට තවත් දහස් සංඛ්‍යාත පිරිසක් ඉල්ලුම් පත් යොමු කර ඇති බව සඳහන්.

නොවැම්බර් 05 වනදා එම අයදුම්පත් භාර ගැනීම අවසන් වනවිට ලැබී තිබූ අයදුම්පත් සංඛ්‍යාව 84,177 ක්.

මින් වැඩි පිරිසක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ රැකියා සඳහා වන බවයි කැනඩා සංක්‍රමණ බලධාරීන් සඳහන් කලේ.

පසුගිය වසර අවසානය වනවිට ලක්ෂ 04 කට වැඩි පිරිසකට විවිධ වීසා කාණ්ඩ යටතේ කැනඩාවේ ස්ථිර පුරවැසිභාවය පිරිනමා තිබෙනවා.

මෙතරම් වැඩි පිරිසකට එක් වසරකදී කැනඩාවේ වැඩිම ස්ථිර පදිංචිය පිරිනමා ඇත්තේ 1913 වසරට පසුවයි.

මෙම වසරේදී (2022) පුද්ගලයන් 411,000 කට ස්ථිර පදිංචිය පිරි නැමීමයි කැනඩාවේ සැලසුම වන්නේ.

Canada Welcomes Nearly 11,500 New Permanent Residents Through TR to PR pathway

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »