Search

ස්පුට්නික් නිසා ඔස්ටේ්‍රලියාවට එන්න බැරිවූ ලාංකික දෙමව්පියන් ගැන අනුවේදනීය කථාවක්

සියලු සුදුසුකම් සපුරා ඇතත් අවසාන මොහොතේදී ගුවන් යානයට පිවිසීමට නොහැකිවූ ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික යුවළකගේ දෙමව්පියන් සම්බන්ධයෙන් අනුවේදනීය පුවතක් වාර්තා වනවා.

මෙල්බන් Cranbourne East හි වාසය කරන අනුරාධා මඩුගල්ල සහ චමත් දිවාරත්න මා-පිය පදවිය ලබන්නේ මීට මාසයකට පෙරයි.

අනුරාධාගේ දෙමව්පියන් සිය දියණියගේ බිළිඳා බැලීමට ඔස්ටේ්‍රලියාවට පැමිණීම සඳහා අවශ්‍ය සියලු ලේඛණ මෙන්ම සුදුසුකම් ද සපුරා තිබිණ.

ඔවුන් නිසි පරිදි එන්නත්කරණයටද ලක්ව සිටි අතර visa, travel exemption, Australian Travel Declaration, Victorian border pass & Victorian hotel quarantine forms යනාදී සියලු ලේඛණ නිසි ලෙස සකස් කර තිබිණ.

එහෙත් ගුවන් යානයට ගොඩවීමට මොහොතකට පෙර ඔවුන්ට ගුවන් සමාගමෙන් දන්වා ඇත්තේ අනුරාධාගේ දෙමව්පියන් ලබා ඇති රුසියානු නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ඔස්ටේ්‍රලියාවට පැමිණිම සඳහා අනුමත එන්නත් අතර නොවන බවයි.

එහෙත් අනුරාධා පවසන්නේ වීසා අයදුම්පත් පිරවීම වැනි කටයුතුවලදී ස්පුට්නික් එන්නත පිළිබඳ කිසිදු ගැටලුවක් මතු නොවූ බවයි.

ඔස්ටේ්‍රලියාවට එන්න ඔබ ගත යුතු එන්නත් ගැන දැනුවත්ද ??

https://www.theage.com.au/national/family-reunions-shattered-because-foreign-parents-had-wrong-vaccines-20211222-p59jn7.html?utm_medium=Social&utm_source=Facebook&fbclid=IwAR1NArbykxBQlBF5RFrBYBLutdbcYWeuCYEU8SizGRu6fo8kbdY6PzluFXI#Echobox=1641073310

PIC – THE AGE

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »