ඔස්ටේ්‍රලියානු U19 ක්‍රිකට් කණ්ඩායමට ලංකාවේදී ලිංගික හිංසන – ෆෙඩරල් පොලිසියෙන් විමර්ශන

1985 වසරේදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතවූ අවස්ථාවේදී එවක ඔස්ටේ්‍රලියා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ට සිදුවූ බව කියන ලිංගික හිංසන සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කල හිටපු පිතිකරුවෙකු මෙන්ම පළමු පෙළ විනිසුරුවරුයෙකු වූ ජැමි මිචෙල් විසින් පසුගිය දිනයකදී සිදුකල ආන්දෝලනාත්මක හෙළිදරව්වකින් අනතුරුවයි මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

එවක කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස කටයුතු කල මැල්කම් මැකෙන්සි විසින් අදාළ තරග සංචාරයේ අවසාන දින කිහිපයේදී කොළඹ පිහිටි හෝටල් කාමරයකදී තමාට නිර්වින්දන එන්නතක් දුන් බවත් අනතුරුව නැවතත් පියවි සිහියට පැමිණෙන විට තමන් කිසියම් ලිංගික හිංසනයකට ලක්ව ඇතැයි තහවුරු වූ බවත් ජැමි මිචෙල් අනාවරණය කර තිබුණා.

පසුගිය අගෝස්තු මාසයේදී ජැමි මිචෙල් විසින් මේ සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනයට පැමිණිල්ලක්ද කර තිබූ අතර ඔවුන් එම විමර්ශන ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසියට භාරකරනු ලැබුවා.

මෙම අනාවරණයත් සමග 1985 ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වූ එවක ඔස්ටේ්‍රලියානු වයස 19 න් පහළ කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙකුද මෙවැනි අනාවරණ සිදුකිරීම විශේෂත්වයක්.

කෙසේවෙතත් සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන වෛද්‍ය මැල්කම් මැකෙන්සි 1998 වසරේදී මියගොස් තිබෙනවා.

https://www.smh.com.au/sport/cricket/police-investigate-historical-sexual-abuse-complaint-from-1985-australian-under-19-cricket-tour-20220102-p59lbo.html

https://www.abc.net.au/news/2022-01-02/jamie-mitchell-cricket-abuse-on-india-and-sri-lanka-tour/100715912

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »