බි්‍රස්බන් – මෙල්බන් අධිවේගී දුම්රිය මාර්ගයක් / විපක්ෂ නායකගෙන් පොරොන්දු

ඉදිරි ෆෙඩරල් මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජය ගතහොත් ප්‍රවාහන ක්ෂේත්‍රය නගා සිටුවීමට පියවර රැසක් ගන්නා බවට විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පොරොන්දු වනවා.

ඒ යටතේ අධිවේගී දුම්රිය මාර්ග පද්ධතියක් ඉදි කිරීමට ප්‍රමුඛත්වය දෙන බවයි ඔහු කියාසිටියේ.

පළමු අධියරේදී සිඩ්නි සහ හන්ටර් අතර අධිවේගී දුම්රිය මාර්ගයෙක් ඉදි කිරීමට නියමිතයි.

එමගින් සිඩ්නි සහ නිව් කාසල් අතර පැයට කිලෝමීටර් 250 ක වේගයකින් ධාවනය වන දුම්රිය මාර්ගයක් ඉදි කෙරෙන අතර දැනට පැය 2 1/2 ක් ලෙස පවතින ගමනාගමන කාලය නව මාර්ගය ඉදි කිරීමෙන් පසු විනාඩි 45 ක් පමණ දක්වා අඩුවනු ඇති.

මෙහි මූලික කටයුතු සඳහා පමණක් වෙන් කෙරෙන මුදල ඩොලර් මිලියන 500 ක්.

මීට අමතරව බි්‍රස්බන් සහ මෙල්බන් අතර අධිවේගී දුම්රිය මාර්ගයක් ඉදි කරන බවටද විපක්ෂ නායකයා පොරොන්දු වනවා.

PIC – AAP

https://www.7news.com.au/politics/labor-to-prioritise-sydney-newcastle-rail-c-5156921

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »