සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා රැපිඩ් පරීක්ෂණ කට්ටලවල දැඩි හිගයක්

සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල දැඩි හිගයක් නිර්මාණය වී තිබෙනවා.

ඊට හේතුව වන්නේ ඉල්ලුමට සරිලන තරම් ප්‍රමාණවත් සැපයුමක් නොමැති වීමයි.

ප්‍රාන්ත අතර සංචරණයේදී ඇතැම් ප්‍රාන්ත විසින් රැපිඩ් පරීක්ෂණයට පවා අවසරදීම හමුවේ බොහෝ පිරිසක් ස්වයං රැපිඩ් පරීක්ෂණ සඳහා යොමුවන ආකාරයක් දැකගත හැකියි.

එමෙන්ම ඔමික්‍රොන් ප්‍රභේදයේ බලපෑමත් සමග ආසාධිතයන් ඉහළයාම හමුවේ සමීප ආශ්‍රිතයන් බවට පත්වන පුද්ගලයන්ට නිවසේදීම පරීක්ෂණය කර ගැනීමට ෆෙඩරල් රජය විසින් අවසරදීම ද ඉල්ලුම ඉහළයාමට තවත් හේතුවක් වනවා.

ඇතැම් ෆාමසිවල පසුගිය 29 වනදායින් පසු කිසිදු රැපිඩ් කට්ටලයක් අලෙවි කර නැහැ.

කෙසේවෙතත් යුරෝපා රටවල් හා සැසඳීමේදී ඔස්ටේ්‍රලියාවේ රැපිඩ් කට්ටල මිළ ගණන් ඉහළ අගයකයි පවතින්නේ.

මෙරට රැපිඩ් කට්ටලයක් ඩොලර් 20 ක් පමණ වන නමුත් යුරෝපයේ එම අගය ඩොලර් 02 ක් පමණ වනවා.

pic – 9news

https://www.9news.com.au/national/rat-tests-selling-out-across-australia-as-covid19-cases-surge/5a3af66c-a260-4a01-b9fa-3831ad695965

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »