වික්ටෝරියාවට නැවත Lockdown පණවන්නැයි ඉල්ලීමක්

කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගියද නැවතත් ලොක් ඩවුන් තත්වයක් පැණවීමේ කිසිදු අපේක්ෂාවක් නැතැයි වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසනවා.

ඔමික්‍රොන් ප්‍රභේදයේ අවධානමත් සමග දෛනිකව ප්‍රාන්තයෙන් සටහන් වන ආසාධිතයන් ගණන දිනෙන් දිනෙන්ම ඉහළ යමිනුයි පවතින්නේ.

එවැනි තත්වයකදී නැවත වරක් යම් සීමා පැණවීමක් හෝ සිදුකරන ලෙස වෛද්‍ය සංගම් කිහිපයක් විසින් ඉල්ලීම් කර තිබුණා.

කෙසේවෙතත් එවැනි කිසිදු තීරණයක් ගෙන නැතැයි වික්ටෝරියා ප්‍රාන්ත රජය අවධාරණය කරනවා.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 7,172 ක් හමුව ඇත.

මරණ 03 ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 31,461 කි.

ඊයේ දිනයේදී (1) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 48,252 ක් සිදුකර ඇත.

https://www.9news.com.au/national/coronavirus-victoria-update-new-case-numbers-deaths-omicron-becomes-dominant-strain/b4db2865-3eef-420e-8ed9-1b5ef8331375

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »