දකුණු ඔස්ටේ්රලියා ප්රාන්තයෙන් පැතිර යාම ආරම්භ වූ ලැව් ගිනි තත්වය බටහිර වික්ටෝරියාවටද ඇතුලුවී තිබෙනවා.
වික්ටෝරියා හි Edenhope ප්රදේශයට මේ වනවිට එම ලැව් ගිනි පැතිර ගොස් ඇති බවයි ගිනි නිවීම් අංශ සඳහන් කලේ.
කෙසේවෙතත් මේ වනවිටත් හෙක්ටයාර 7000 ක් පමණ ගිනි ගෙන විනාශවී අවසන්.
ගොවිපොළ සැළකිය යුතු ප්රමාණයක් ද විනාශ වී ඇතත් මෙතෙක් කිසිදු නිවාසයකට හානි පැමින නොමැති බවයි වාර්තා වන්නේ.
පවතින දැඩි උණුසුම් කාළගුණයත් සුළං තත්වයත් හමුවේ ලැව් ගිනි පැතිරයාම වේගවත් වී තිබෙනවා.
https://www.abc.net.au/news/2022-01-01/grassfire-burns-in-western-victoria/100734224
PIC – Daniel McRostie/CFS Facebook