අගමැති මොරිසන් කොවිඩ් අවධානම් තත්වයක

අගමැති ස්කොට් මොරිසන් කොවිඩ් අවධානම් තත්වයකට පත්ව තිබෙනවා.

ඒ පසුගිය 29 වනදා සිඩ්නි Kirribilli House හිදී ඔහුද සහභාගී වූ අවස්ථාවකට කොවිඩ් ආසාධිතයෙකු පැමිණ ඇතැයි තහවුරු වීම හේතුවෙනුයි.

එදින පැවති මාධ්‍ය හමුවකටද අදාළ ආසාධිතයා සහභාගී ඇති බවයි නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

කෙසේවෙතත් සමීප ආශ්‍රිතයන් සම්බන්ධයෙන් හඳුන්වා දුන් නව රෙගුලාසිවලට අනුව අගමැති මොරිසන් හුදකලා විය යුතු නොමැති අතර රෝග ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කිරීම පමණක් ප්‍රමාණවත් වනු ඇති.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – ක්වීන්ස්ලන්ඩ් – දකුණු ඔස්ටේ්‍රලියා සහ ACT ප්‍රාන්ත සඳහා සමීප ආශ්‍රිතයා යනුවෙන් හැඳින්වෙන්නේ කොවිඩ් ආසාධිතයාගේ නිවසේ සිටින අයෙකු හෝ ඔහු සමග පැය 04 කට වැඩි කාලයක් එක්ව සිටි අයෙකු පමණයි.

SOURCE : https://www.9news.com.au/national/prime-minister-scott-morrison-monitoring-covid-19-symptoms-kirribilli-house-positive-case/9e9588ac-a041-4cdc-8593-4b10242dd7ec

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »