ප්‍රාන්ත 05 ක ඊයේ සමස්ත ආසාධිතයන් 32,000 ඉක්මවයි

ගතවූ පැය 24 තුළදී ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 05 කින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 32,000 ඉක්මවා ගොස් තිබෙනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ආසාධිතයන් 21,151 ක් සහ මරණ 06 ක් සටහන් වුණා.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාධිතයන් 5,919 ක් සහ මරණ 07 ක් වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ කියාසිටියේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් රෝගීන් 3,118 ක් ද දකුණු ඔස්ටේ්‍රලියාවෙන් 2,093 ක් ද ලෙස කොවිඩ් ආසාධිතයන් වාර්තා වුණා.

ටස්මේනියා ප්‍රාන්තයේ ඊයේ ආසාධිතයන් ගණන 137 ක්.

මේ අනුව මෙම ප්‍රාන්ත 05 හි මුලු ආසාධිතයන් සංඛ්‍යාව 32,418 ක් දක්වා ඉහළ යන අතර මෙය කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ඔස්ටේ්‍රලියාවෙන් එක් දිනයකදී සටහන් වූ වැඩිම කොවිඩ් ආසාධිතයන් ගණනයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »