ඔස්ටේ්‍රලියා පිතිකරුවෙකුට කොවිඩ් – මුලු කණ්ඩායමටම කොවිඩ් පරීක්ෂා

ඔස්ටේ්‍රලියා පිතිකරු ට්‍රැවිස් හෙඩ් හට කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා.

ඒ අනුව සිඩ්නි හිදී ආරම්භවීමට නියමිත 04 වන ටෙස්ට් තරගයට ඔහු සහභාගී නොවන බවයි ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ.

මේ සමගම ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් – පවුල්වල සාමාජිකයන් සහ සහය කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ පී සී ආර් සහ රැපිඩ් පරීක්ෂණ වෙත යොමු කර තිබෙනවා.

මෙල්බන් නුවර පැවති එංගලන්තයට එරෙහි අලු බඳුන 03 වන ටෙස්ට් තරගයේදී ට්‍රැවිස් හෙඩ් ළකුණු 152 ක් රැස්කලා.

මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ සහය කාර්ය මණ්ඩල සාමාජිකයන් 04 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙසයි හඳුනාගැණුනේ.

කෙසේවෙතත් කිසිදු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු කොවිඩ් ආසාධිත බවට තහවුරු වූයේ නැහැ.

PIC – Credit: Bradley Kanaris/Getty Images

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »