සමීප ආශ්‍රිතයන් සම්බන්ධ නව පරීක්ෂණ ක්‍රමවේදය ගැන පැහැදිලි කිරීමක්

කොවිඩ් ආසාධිතයන්ගේ සමීප ආශ්‍රිතයන් සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන නිරෝධායන සහ පරීක්ෂණ ක්‍රමවේදය සංශෝධනය කිරීමට ජාතික කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කලා.

ඒ අනුව ඔවුන් දින 07 ක් පමණක් හුදකලාව සිටීම ප්‍රමාණවත් වනු ඇති.

06 වන දිනයේදී සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සෘණාත්මක වුවහොත් 07 වන දිනයේදී නිරෝධායනයෙන් ඉවත්වීමට ඔවුන්ට අවස්ථාව පවතිනවා.

කිසියම් අයුරකින් එහිදී ඔවුන් නොඑසේනම් කොවිඩ් ධනාත්මක බව හෙළිවුවහොත් වහා පී සී ආර් පරීක්ෂණයකට ලක්විය යුතු වනවා.

එහිදීද ධනාත්මක යැයි හෙළිවුවහොත් තවත් දින 07 ක් හුදකලාව සිටිය යුතුයි.

එනම් සමස්ත හුදකලා කාලය දින 14 ක් වනු ඇති.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »